නිකුත් කළ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 84%ක් විභාගය අසමත් වී තිබේ. විභාගයට පෙනී සිටි දරුවන් 51,244ක් කඩඉම් ලකුණු පසු කර ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 16.05% කි.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි
දරුවන්ගේ ජීවිත විකල් කරන ආකාරයේ පීඩාවක් ඇති කර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව දළ වශයෙන් ඔවුන්ගෙන් සියයට 84ක් විභාගය අසමත්වී තිබේ.
ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී කතා කළ අධ්‍යාපන විෂයේ වගකීම් දරන අග්‍රාමාත්‍යවරිය පැවසුවේ විභාග මූලික තරගකාරී අධ්‍යාපන ක්‍රමය වෙනුවට දරුවන් මත පීඩාව අඩු කරන නව අධ්‍යාපන ක්‍රමයක් සඳහා රජය සූදානම් වන බවය.
2026 සිට ආරම්භ කිරීමට යෝජනා කරන එම නව අධ්‍යාපන ප්රතිසංස්කරණයත් සමග විභාග ක්‍රමය හා විෂයමාලා සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති බව අගමැතිනිය පාර්ලිමේන්තුවට දැනුම්දුන්නාය.
“නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් විෂයමාලා ඇගයීම් සහ තක්සේරු කරන ක්‍රියාවලියන් සංශෝධනය වෙනවා. ඒ අනුව වර්තමානයේ පාසල් සිසුන් ඉගෙනුම ලබන විෂයන් සංඛ්‍යාව ඇඟයීම හා තක්සේරුකරණ ක්‍රියාවලිය හරහා ඇති වෙන ශිෂ්‍ය පීඩනය අවම වෙන පරිදි අපි සංශෝධනය කරනවා. අපි අපේක්ෂා කරනවා විභාග කේන්ද්‍රීය ක්‍රමයකට වඩා ප්‍රායෝගික, ළමුන්ට බරක් නොවන අධ්‍යාපනයක් ලබාදෙන්න අපි සැලසුම් කරනවා.” අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.







