නැවත දන්වන තුරු ගෑස් නෑ ! නිකුත් කිරීම අත්හිටුවයි!

වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති අතර එය නැවත දන්වන තුරු ක්‍රියාත්මක වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය මේ පිළිබඳව නිවේදනය කරන අතර මෙම තීරණය ගෙන ඇත්තේ විශේෂඥ වාර්තා නිකුත් වීමන් අනතුරුවය. මේ වනවිට ගෑස් සමාගම් සිය බෙදා හැරීමේ නියෝජිතයන්ට මේ බව දැනුම් දීමට පියවර ගෙන ඇත.

මේ වනවිට ඇතැම් සිල්ලර අලෙවි නියෝජිතයන් ස්වේච්ඡාවෙන්ම ගෑස් අලෙවිය නතර කර ඇති අතර ඊට හේතුවී ඇත්තේ උද්ගත වී ඇති අවදානම් සහගත තත්ත්වයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වසර තුළ ගෘහස්ත ගෑස් ආශ්‍රිත පිපිරීම් 135ක් පමණ වාර්තා වී ඇති අතර මෑත කාලීනව සිදුවූ ගෑස් පිපිරීම් සම්බන්ධ පොලිස් පරීක්ෂණද ආරම්භ වී ඇති අතර මෙම වාර්තාද ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි. මේ වනවිට ගෑස් වෙළෙඳපොළේ අතිමහත් බහුතරයක් නියෝජනය කරන්නේ ලිට්රෝ ගෑස්ය.


Exit mobile version