නැනෝ නයිට්‍රිජන් දියර ලීටර ලක්ෂයක් ගුවන් මගින් අද රටට ගෙන්වයි!

නැනෝ නයිට්‍රිජන් දියර ලීටර ලක්ෂයක් ගුවන් මගින් අද රටට ගෙන්වයි!

නැනෝ නයිට්‍රජන් දියර ලීටර ලක්ෂයක තොගයක් ඉන්දියාවේ සිට අද(19) රැගෙන ඒමට නියමිතය.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කීවේ එම දියර පොහොර ලීටර ලක්ෂ 31ක තොගයක් දැනටමත් ඇනවුම් කර ඇති බවය.


අද ගෙන එන්නේ ඒ ඇණවුම් කළ ලීටර ලක්ෂ 31න් ලක්ෂයකි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  පැවසුවේ හෙක්ටයාර් 900,000කට අවශ්‍ය එම දියර පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැනෝ නයිට්‍රිජන් යනු රසායනික දියර පොහොරක් බවත් එහි යූරියා සියයට 4ක් අඩංගු බවත් ඉන්දියාවේ දී මෙම පොහොර භාවිත කරන්නේ නයිට්‍රිජන්, පොස්පරස් හා පොටෑසියම් සියයට පනහක යෙදවුමකින් පසු බවත් ක්ෂේත්‍රයේ ප්‍රමාණික විද්වත්හු ලංකාසර ට පැවසූහ.

 

Exit mobile version