නැඟෙහිර මැතිවරණ නිරීක්ෂණයට විශේෂ අවශ්‍යතා ඇති අයත් එක්වෙයි

ත්‍රිකුණාමලය – සමන් මල්ලව ආරච්චි

එළඹෙන මහමැතිවරණයේ නිරික්ෂණ කටයුතු සදහා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ද සම්බන්ධ කර ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වු ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැපරල් සංවිධානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ විශේෂ අවශ්‍යතා ඇති අයගෙන් තොරාගත් පිරිසක් නිරික්ෂණ කටයුතුවලට සම්බන්ධ කරගැනිමේ මුලික අරමුණ වුයේ ඔවුන්ටද මෙහි වගකීමක් ඇති බව පසක් කරදිම බව යැයි පැවැසීය.


“විශේෂ අවශ්‍යතා ඇති අය කියන්නේ මේ සමාජයේ පුරවැසියන් කොටසක්. ඔවුන්ටත් වගකීමක් තියනවා මේ මැතිවරණය නිදහස් හා සාධාරණව සිදුවෙනවාද යන්න සොයා බැලිමට. ඒ නිසා මේ අයගෙන් කොටසක් නිරික්ෂණ කටයුතු සදහා දායක කරගන්න අපි තීරණය කලා” යැයි විධායක අධ්‍යක්ෂවරයා කියාසිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ, ගම්පහ සහ ත්‍රිකුණාමලය ආදි දිස්ත්‍රික්ක තුළ මෙම පුද්ගලයන් නිරික්ෂණ කටයුතුවලට යොදවන අතර ඒ සදහා පුහුණු සැසි ඒ ඒ දිස්ත්‍රික්කවලදි මේ දිනවල සිදුකරමින් පවතී.

Exit mobile version