නාවික හමුදා වේග ප්‍රහාරක යානයක ගැටී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට… පුද්ගලයෙක් අතුරුදහන්!

ධීවර යාත්‍රාවේ සිටි දෙදෙනෙක් බේරාගනී... වේග ප්‍රහාරක යාත්‍රාවටත් අලාභානි!

මුහුදු සීමා උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා මුහුදට බලහත්කාරයෙන් පැමිණ  ධීවර කර්මාන්තයේ නොයෙදන ලෙස ඉන්දීය බලධාරීන් විසින්ම තමිල්නාඩු ධීවරයින්ට දැනුම් දී තිබිය දී ධීවර කොල්ලය සඳහා පැමිණි ධීවර බෝට්ටු කීපයකින් එක් බෝට්ටුවක් නාවික හමුදා අධිවේග යාත්‍රාවක ගැටී පෙරළී යෑමෙන් එක් ධීවරයෙක් අතුරුදන් වී තිබේ.

අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ඊයේ (18)    සවස් කාලයේ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු මසුන් මරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා ගණනක් ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පලවා හැරීමට යෑමේ දී මෙම අනතුරු සිදු වී ඇත.

මෙහිදී නාවික හමුදා යාත්‍රා මඟහැරීම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස නාවික හමුදා යාත්‍රාවක් සමඟ ගැටීමට සලස්වා නාවික හමුදා යාත්‍රා මඟහැරීමට උත්සාහ කල එක් ධීවර යාත්‍රාවක් මුහුදේ පැවති රළු මුහුදු ස්වාභාවය ද හේතුකොටගෙන සමතුලිතතාවය ගිළිහී පෙරළී යාම හේතුවෙන් මුහුදේ ගිලී ගොස් අනතුරට පත්වී ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.


එහිදී වහාම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව එම අනතුරටපත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකු එම මෙහොතේදීම මුදවා ගැනීමට සමත් වී ඇත

බේරාගත් ධීවර කොල්ලකරුවන් දෙදෙනා..

යාත්‍රාවේ සිටි බව කියන තවත් ධීවරයෙකු සොයා මුදවා ගැනීමේ මෙහෙයුමක් පෙරදින (18) සවස් කාලයේ සිට ක්‍රියාත්මක කර ඇත.

නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා එම මුහුදු ප්‍රදේශයේ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින සිටන බව වාර්තා වේ.

මෙම ගැටීම හේතුවෙන් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවට ද අලාභහානි සිදුවී ඇති බැවින්, එම යාත්‍රාව කංකසන්තුරය වරාය වෙත ආරක්‍ෂාකාරීව අළුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් ඇතැයි නාවික හමුදාව පවසයි.

එමෙන්ම මෙම අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් අදාල ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකෙරේ.

 

Exit mobile version