නාවික හමුදා අත් අඩංගුවට ගත් කුඩු තොගයේ වටිනාකම කෝටි 163ක්… සැක කරුවන් 11 සමග කුඩු තොගය නාකොටික් එකට භාර දෙයි!

නාවික බුද්ධි තොරතුරු මත නාවික හමුදාව ජනවාරි මාසය තුළ පමණක් සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් කෝටි 480කට අධික මත් කුඩු අල්ලයි...

ලලිත් චාමින්ද –

රුපියල් මිලියන 1626කට  අධික වටිනාකමින් යුතු  හෙරොයින් මත්කුඩු කිලෝග්‍රැම් 65කට අධික  තොගයක්  ප්‍රවාහනය කරමින් තිබු බහුදින යාත්‍රාවක් හා   මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරිම සඳහා  සහාය වු බවට සැක කරන තවත් බහුදින යාත්‍රාවක් සමග  සැකකරුවන් 11 දෙනෙකු   දකුණු මුහුදු තිරයේ  සිදුකළ විශේෂ මෙහෙයුමකදි ඊයේ (20)  අත්අඩංගුවට ගත්බැව් නාවික හමුදාව පවසයි.

අත් අඩංගුවට ගත් මත් කුඩු තොගය…

දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 100ක් පමණ දුරින් වු දකුණු මුහුදු තිරයේ දි මෙම වැටලිම සිදුකොට ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගය උර තුනක බහා ප්‍රවාහනය කරමින් තිබි ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, බුද්ධි සේවාවන්  එක්ව දකුණු මුහුදු තිරයේ  සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, එම මුහුදු තීරය  ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් පරික්ෂාකරණු ලැබිය.

මත්කුඩු තොගය නිරීක්ෂණයට ලක් කරමින්…

එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ සූක්ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 076 ක පමණ තොගයක් සහිත උර තුනක් (03) සමඟ එම බහුදින ධීවර යාත්‍රාව  සහ එහි සිටි සැකකරුවන් පස් දෙනෙකු  අත්අඩංගුවට  ගෙන ඇත.


එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු  නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනු ලැබිය., එසේ අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රා‍ දෙක , සැකකරුවන් එකොළොස් දෙනා සහ මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 076 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරණු ලැබිය.

ගාල්ල වරාය වෙත රැගෙන පැමිණි මත් කුඩු ප්‍රවාහනය කළ බවට සැක කරන ධීවර යාත්‍රා..

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 28 ත් 52 ත් අත‍ර  වියේ පසුවන අය වන අතර  ඔවුන්  මාතර, ගන්දර සහ දෙවුන්දර යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වෙති. අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 65 ග්‍රෑම් 076 ක පමණ තොගය සැකකරුවන් එ‍කොළොස් දෙනා  සහ බහුදින ධීවර යාත්‍රා දෙක  ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු  කරනු ලැබිය..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ නායකත්වය හා මඟ පෙන්වීම මත, 2024 වර්ෂයේ ජනවාරි මාසය තුළ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් පමණක් රුපියල් මිලියන 4800 කට අධික  වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇති බවද නාවික හමුදාව පවසයි..

Exit mobile version