නාවල දියණියගේ මරණය පාඩමක්… උණ කැස්ස තිබුණත් දරුවාගේ ඔක්සිජන් මට්ටම මනින්න… නලීන් කිතුල්වත්ත..

මිය ගිය දියණිය රෝහලට රැගෙන එන විට සිරුරේ ඔක්සිජන් මට්ටම 56යි...

දරුවන්ට උන කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණයක් පවතින්නේ නම් වහාම දරුවන්ගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම මැනබැලිම වඩාත් යෝග්‍ය යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත සඳහන් කරයි.

ඇතැම් දරුවන්ට කොවිඩ් වයිරසය ආසාදනය වී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන් වුවද ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩුවීමට හැකි වීමේ ඉතා බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි යැයිද විශේෂඥවරයා සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතව මියගිය නාවල ජනාධිපති විද්‍යාලයේ අවුරුදු 14ක් වයසැති සිසුවිය උණ හා සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත. අතර එහිදී ශරීරයේ ඔක්සිජන් මට්ටම මැන බැලීමේදී එහි අසාමාන්‍ය අඩුවක් සිදුව තිබීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කර ඇත.


රෝහල වෙත දරුවා රැගෙන එන විටත් ඇයගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම සියයට 56ක් දක්වා අඩුවී තිබූ බැවින් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ නමුත් එයින් පළක් නොවූ බවද විශේෂඥවරයා සඳහන් කරයි.

මේ දිනවල දරුවන්ගේ හැසිරීමේ යම් යම් වෙනසක්කම් ඇතිවන්නේ නම් ඒ පිලිබඳව දෙමාපියන් වැඩි සැලකිල්ලක් දැක්විම ඉතාමත් වැදගත් බවත් සුලු හෝ අසනීප තත්ත්වයක් පෙන්නුම් කළද ඇඳ විවේකය ලබා දීම ඉතාමත් වැදගත් යැයිද වෛද්‍ය කිතුල්වත්ත මහතා අවධාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය ගිය සිසුවිය නාවල ජනාධිපති විද්‍යාලයේ 7 වන වසරේ ඉගෙනුම ලබමින් සිටියාය.

 

Exit mobile version