“නායකත්වයට කැමති අය නම් දෙන්න”

රනිල් ජ්‍යෙෂ්ඨයන්ට කියයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී නායකත්වය බලාපොරොත්තු වන අයගේ නම් යෝජනා කරන ලෙස අද පැවැති සාකච්ඡාවකදී දැනුම් දී තිබේ.

කෙසේ වුවද ඔහු වහාම නායකත්වයෙන් ඉවත් වන්නට යන බවට අකිල පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් සිදු කරන ලද ප්‍රකාශය නිවැරදි නොවන බවත් ඔහු පවසා ඇත්තේ තමන් දිගටම නායකත්වයේ සිටීමට බලාපොරොත්තුවක් නොමැති අතර නව නායකයකු නිර්මාණය කොට ඔහුට පක්ෂය භාර දිය යුතු බවත් යයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසරට පැවසීය.

අද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමඟ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත වී ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ ඡන්ද පදනම කෙරෙහි සිංහල බෞද්ධ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වීම බව පෙන්වා දී ඇති අතර එම ඡන්ද පදනම යළි ස්ථාපනය කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පවසා ඇත.


එසේම තමන් දිගටම නායකත්වයේ සිටිමේ බලාපොරොත්තුවක් නොමැති බවත් ඉදිරියේදී නව නායකයකුට පක්ෂය බාරදිය යුතු බවත් ප්‍රකාශ කර ඇති අතර පක්ෂයේ නායකත්වය ගැනීමට යම් අපේක්ෂාවක් ඇති සහ ඒ පිළිබඳව විශ්වාසයක් ඇති අය තමන්ට නම් යෝජනා කරන ලෙසත් ඉදිරි දිනයකදී මේ පිළිබඳව සාකච්ඡා කොට තීරණයක් ගත හැකි බවත් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

කෙසේ වවුද පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවය.

ඔහු නායකත්වයෙන් ඉවත් වීම පිළිබඳව තීරණය ගත්තේ අද නොව කලින් බවත් එය ක්‍රියාත්මක වීම හදිසියේ සිදුනොවනු ඇති බ්වත් අවධාරණය කළ පක්ෂ ප්‍රකාශකයා සඳහන් කළේ දැනට යෝජනා වී ඇතැයි පක්ෂ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද නම් පිළිබඳව එතැනදී කිසිදු සාකච්ඡාවක් නොවූ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අකිල විරාජ් කාරියවසම් මහතා තමන්ගේ නමත් දයා ගමගේ වජිර අබේවර්ධන, රවී කරුණානායක ගේ නම් නායකත්වය සඳහා ඉදිරිපත් ව ඇති ව සඳහන් කළද නවීන් දිසානායක සහ රුවන් විජේවර්ධන ගේ නම්ද ඊට ඇතුළත් විය යුතු බව මෙම ප්‍රකාශකයා සඳහන් කළේය.

Exit mobile version