නාමයෝජනා අවසන් වුණු ගමන් පුංචි ඡන්දය ලෑස්තිකරනවා ! මැ.කො අධිකරණයට කියයි

 

මේ වනවිට කැදවා ඇති නාම යෝජනා භාර දීමේ කටයුතු  අවසන් වූ වහාම  පළාත් පාලන ඡන්දය පැවත්වීමට අදාල කටයුතු සූදානම් කරන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමක් අද (18)  කැඳවූ අවස්ථාවේදී  මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මේ බව ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණ පනතට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙනු ඇති බවද ලබන 21 වැනිදා නාම යෝජනා කැඳවීම අවසන් වු පසුව අදාල කටයතකු සිදුවනු ඇති බවද   මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් ජනාධිපති නීතීඥවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තබූ මෙම පෙත්සම් අතරින් එකක් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්.පීරිස්  යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණු අතර අනෙක් පෙත්සම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, එම්.ඒ. සුමන්තිරන් සහ අනුර ප්‍රියදර්ශන යාපා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

Exit mobile version