නාඳුනන මළ සිරුරු දෙකක් කටුගස්තොට මහවැලි ගඟේ…

death

මහනුවර  කටුගස්තොට  ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව හඳුනා නොගත්  පුද්ගල මළ සිරුරු දෙකක් කටුගස්තොට පොලිසිය විසින් ඊයේ (19) සොයාගෙන තිබේ.

කටුගස්තොට අලවතුගොඩ මාර්ගයට සමාන්තරව ඇති ඇල මාර්ගයේ සහ කටුගස්තොට නගරාසන්න  මහවැලි ගඟේ තිබී මෙසේ හමුවී ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ  මළ සිරුරු දෙකකි.

එක් පුද්ගලයෙකුගේ වයස අවුරුදු 65ක් පමණ වනු ඇති බවත්, අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු 70 වැඩි බවත් මරණ පරීක්ෂණවලදී  හෙළිවුන බව දැනගන්නට තිබේ.


වයස අවුරුදු 70 වැඩි පුද්ගල සිරුර දින 05ක් පමණ  දියෙහි තිබී ඇති අතර  අනෙක් පුද්ගල සිරුර පැය 48කට පෙර  මරණයට පත් වී ඇති බවද අනාවරණය  වී ඇත.

මෘත දේහ කටුගස්තොට මූලික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති අතර එම සිරුරු දෙක අද මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනඒමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයින් මේ වනවිටත්  හඳුනාගෙන නැත.

Exit mobile version