නාඩු 105යි… සුපිරි සම්බා 130යි… කාබනික සංග්‍රාමයෙන් පසු  සහල් මිල අඩුකරන හැටි වෙළෙඳ ඇමති කියයි!

rice-warehouse

මේ වසර අවසානය තෙක් නාඩු 105කට හා සුපිරි සම්බා කිලෝවක් 130ට ලබා දෙන බව තමන් ජනතාවට  සහතික වන බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

අවශ්‍ය ඕනෑම ක්‍රමවේදයක් භාවිත කරමින්  සහල් මිල පාලනය සදහා පූර්ණ බලතල  කැබිනට් මණ්ඩලය විසින්    තමන් වෙත පවරා ඇති බවත් ඒ බලතල යොදා ගනිමින් සහල්මිල පාලනය අනිවාර්යයෙන් සිදුකරන බවත් ඇමතිවරයා කියයි.

අද ජන හමුවක් අමතමින් ඇමතිවරයා  කී කතාව මෙසේය.


“සහල්වල මාෆියාවක් හදාගෙන සතියෙන් සතියට සහල් මිල වැඩි කරනවා.  සහල්වල මෙලෙසින් මිල වැඩිකිරීම පාප කර්මයක් කියලා තමයි මම හිතන්නෙ. ඒකෙන් ලැබෙන සල්ලි ප්‍රමාණය ගැන යම් කිසිකෙනෙක් සතුටු වෙනවානම් ඒක මහා කාලකන්ණි සන්තෝෂයක්.“

“සහල්වල කෘතිම මිලක් ඇතිවීම වැළැක්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මට පසුගිය සතියේ බලය පැවරුවා. ඕනැම ක්‍රියාමාර්ගයක් අනුගමනය කරලා, ගේන්න පුලුවන් හැම තැනින්ම හාල් ගෙනල්ලා හරි වෙළෙඳපලේ ජනයාගේ සහල් මිල අඩු කිරීමේ කාර්යභාර්ය පරවරලා  තියනබව  මතක් කරන්න කැමතියි.“

“ඒ අනුව මා තමුන්නාසේලාට සහතියක් දෙනවා මේ වර්ෂය නිමවන තෙක් සතොසින් පොදු ජනතාව පාවිච්චි කරන නාඩු සහල් කිලෝවක් රුපියල් 105ට වඩා වැඩිවෙන්න මොනම ආකාරයකින්වත් ඉඩ දෙන්නෙ නෑ කියලා.  සුපරි සම්බා කිලෝවක් රුපියල් 130ට වඩා වැඩිවෙන්න දෙන්නෙ නෑ.“

“මට අවසරයක් ලබා දී තිබුණා සහල්  මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න. ගිය සතියෙ අවසරය ලබා දුන්නා තව ලක්ෂ තුනක් ආනයනය කරන්න. එතකොට ලක්ෂ හතරයි.“

“ඊට පස්සෙ මියන්මාර් රජය සමග සාකච්ඡා කරලා මෙට්‍රික් ටොන් ලක්ෂ එක හමාරක් ආනයනය කරන්න ගිවිසුමක් අත්සන් කළා.“

“පුද්ගලික අංශයටත් තීරුබදු සියල්ල අඩුව ශත විසිපහක  බද්දක් එක්ක සහල් ආනයනය කරන්න ඉඩ දීලා තියනවා.  පුද්ගලික අංශ ආනයනය කළ සහල් කන්ටේනර් 500ක් ඊයෙ වනවිට වරායෙ තියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිසා මහාබැංකු නිලධාරීන් හා බැංකු අංශය විසිනුත්  මේ කන්ටේනර් 500 නිදහස් කළාට පස්සෙ සතොස හැර අනෙක් වෙළෙඳසල්වලත් සහල් මිල පහතට ගමන් කරන්න ඕන.

Exit mobile version