නාකොටික් කුඩ්ඩෝ 2018 සිට පාතාලයට තරගයට කුඩු විකුණලා

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලබන මත්කුඩු විකුණමින්, කුඩු ජාවාරම් කාරයින්ට අවශ්‍ය ස්ථානවලට මත්කුඩු ප්‍රවාහනය කරමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ව්‍යසනයට ලක් කළ ජාවාරම්කාර නිලධාරීන් කුඩු ජාවාරම පටන් ගෙන අත්තේ වර්ෂ 2018 දී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ තොරතුරු හෙළිදරවු වී ඇත්තේ දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධව කෙරෙනා ප්‍රශ්න කිරීම් වලදීය.

මෙම ප්‍රශ්නකිරීම් වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ අල්ලාගන්නා මත්කුඩු නැවත ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මෙම දූෂිතයින් අතර තිබී ඇත්තේ තරගයක් බවය.

පසුගිය කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ වැටලීම් වලින් කිලෝ සිය ගණන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත්තද ප්‍රධාන ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ ඉදිරි විමර්ශන නිසි පරිදි සිදුව නැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කෙරන පරීක්ෂණ වලදී පෙනී ගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දූෂිත නිලධාරීන් විසින් අල්ලාගන්නා මත්ද්‍රව්‍ය තොග පිටින් අලෙවි කිරීමට ලබාදී ඇත්තේ ගල්කිස්සේ පුද්ගලයෙකුට බවත් ඔහුද මේ වන විට සැගවී සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version