නව නීතිපති ලෙස සංජය රාජරත්නම් අද දිවුරුම් දෙයි…

Sanjaya-Rajarathnam

නව නීතිපති ලෙස සංජය රාජරත්නම් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව නීතිපතිවරයා ලෙස සංජය රාජරත්නම් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.

මෙරට 48 වැනි නීතිපතිවරයා සංජය රාජරත්නම්ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 34කට අධික කාලයක් සේවය කර ඇති සංජය රාජරත්නම් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙක්, අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක්, සහ වැඩ බලන සොලිසිටර් ජෙනරාල්වරයක් ලෙස පසුගිය වකවානුවේ කටයුතු කළේය.

ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ උපදේශක ධුරය ද ශ්‍රී ලංකා නීති අධ්‍යාපන කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කර ඇත.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේත් කොළඹ රාජකීය විද්‍යාලයේත්, ආදි සිසුවෙකි. ඔහු ලන්ඩන් ක්වීනස් මේරි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගෙන ඇත.

Exit mobile version