නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදනය  මාරාන්තික නිව්මෝනියාවෙන්ම ඇරඹිය හැකියි…

තරුණයන්ටත් මාරාන්තිකවන නිවුමෝනියාවෙන්ම පටන් ගන්නා නව කොවිඩ් ප්‍රභේදය ගැන විශේෂඥවරු කියති.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොරෝනා නව වෛරස් ප්‍රභේදය ආසාදනයවන පුද්ගලයින්ගේ පෙනහළුවලට වැඩි බලපෑමක් සිදු කරන බවත්, සමාන්‍යයෙන් සුලබ කොරෝනා  රෝග ලක්ෂණ මතු නොවී කෙලින්ම නිවුමෝනියා තත්වය ඇතවන අවස්ථා වාර්තා වන බවත් විශේෂඥ වෛද්‍යවරු පවසති.

රෝග ලක්ෂණ මතුවීමටත් පෙර පෙනහළුවලට බලපෑම් වූ  කොවිඩ් ආසාදිතයන්  ඉකුත් දින කිහිපයේ වාර්තා වූ බවත් ඔවුහු පවසති. මේ  ප්‍රභේදය තරුණ ප්‍රජාව අතර වැඩිපුර ව්‍යාප්තවන බවත්, ඔවුන්ට ආසාදනය වීමේ වැඩිපුර ප්‍රවණතාවයක් පවතින බවත් නිවුමෝනියා තත්වය ඇතිවූ මෙම   ආසාදිතයෙක් රෝහල්ගත කිරීමේ ප්‍රමාදය ඔහුගේ ජීවිතය අනතුරක දැමීමක් බව මෙම විශේෂඥවරු පෙන්වා දෙති.

එබැවින් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනයවන පුද්ගලයන්ට ඔක්සිජන් සැපයීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ස්නායු වෛද්‍ය විශේෂඥ පද්මා එස් ගුණරත්න මාධ්‍යයට පැහැදිලි කිරීමක් කරමින් සාමාන්‍යයෙන් කොවිඩ් ආසාදිතයෙකුගේ මූලික රෝග ලක්ෂණයවන උණ සහ උගුරේ වේදනාව සමග වෙනත් වෛරස් ආසාදනයන්  සේම පේෂි වේදනාව, හිසරදය, ඇස් රතු වීම, බඩ රිදීම, පාචනය, හමේ කුෂ්ඨ ඇති වීම  සිදුවන නමුත් සමහර අවස්ථාවල මෙම කිසිම රෝග ලක්ෂණයක් ප්‍රකට නොකර නිවුමෝනියා තත්වය සමග පැමිණි රෝගීන් හමුවූ බව කීවාය.

ඕනෑම වෛරසයක්   පෙනහල්ල ආසාදනය කරන්නේ නම් එය  නිවුමෝනියාවක් බව පවසන ඇය   පෙනහල්ලෙන් රුධිරයට ඔක්සිජන් උරාගන්නා සියුම් පටකවලට හානි වීමෙන් ඔක්සිජන් උරාගත නොහැකිව බිහිසුණු සංකූලතා ඇතිවන බවත්, හුස්ම ගන්නට නොහැකි වීම, පපුව තද කිරීම ලෙස මූලිකව එම තත්ව ප්‍රකට කරන බවත් කියන්නීය.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ අවාසනාවට විකෘති ප්‍රභේදයක් රට තුළ පවතින බැවින් ඊට අවබෝධයෙන් මුහුණ දිය යුතු බවය.

“ මීට පෙර පැවැති වෛරස් ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් සම්ප්‍රේෂණය වීම සිදුවුණා. එහෙත්, මේවනවිට ව්‍යාප්ත වන ප්‍රභේදය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකුට පමණ සම්ප්‍රේෂණය වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. එය අවම තත්ත්වය වන අතර ඊට වඩා වැඩි පිරිසකට වුවද, වෛරසය සම්ප්‍රේෂණය වීමට හැකියි.  මේවනවිට ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය වාතය තුළ පැය එකහමාරක් වැනි කාලයක් පැවැතිය හැකියි.“

“මේ නිසා නිවැරදි ලෙස මුහුණු ආවරණයක් දැමීම වැදගත්.   ගොඩක් දෙනෙක්  එළියෙදි මාස්ක් එක දාගෙන ඉඳලා ඇතුලට ආපු ගමන් ඒක නවත්වනවා. මාස්ක් එකක් දාගෙන කතා කරන්න හරිම අමාරුයි.  හැඟීම් පේන්නෙ නෑ. ඒත් ඇතුළෙ දි තමයි මුව ආවරණය දැමීම වැඩිපුරම වැදගත්.   ඉන්  හිතමිතුරන්  වගේම තමනුත් ආරක්ෂා වෙනවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය කීවාය.

 

Exit mobile version