නව කැබිනට්ටුවේ ඇමතිකම් භාර ගන්නවා නැද්ද?… ශ්‍රී.ල.නි.ප තීන්දුව අද….

SLFP

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  යටතේ පිහිටුවන නව ආණ්ඩුවේ අමාත්‍යාංශ භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද (16) රැස්වීමට නියමිතය.

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා නව රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලිඛිතව කළ ඉල්ලීම පිළිබදව මෙම හමුවේ දී වැඩි වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇත.

නව රජය ගන්නා ඕනෑම නිවැරදි තීරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය ලබාදෙන බව පවසමින් අග්‍රාමාත්‍ය රනිල්ට   ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මින් පෙර පිළිතුරු ලබා දී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ අසීරු අවස්ථාවේ සිය වගකීම ගැන ශ්‍රීලනිපය  තවදුරටත් සාකච්ඡා  කරනු ඇත.

Exit mobile version