නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

කීර්ති ප්‍රනාන්දු –

හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමොද්‍ය වික්‍රමසිංහ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස රොමේෂ් කළුවිතාරණ,  හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්.එච්.යූ. කර්නයින්, සහ තිලකා නිල්මිණී පත් කර තිබේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ   ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කිරීමට ජාතික තේරීම් කමිටුව නිර්දේශ කර මාස දෙකකට ආසන්න කාලයක් ගත වී තිබිණි.  එහෙත් ක්‍රීඩා ඇමතිවරයා ඊට නිර්දේශය ලබා දුන්නේ නැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රීඩා ඇමතිවරයා ඊට අනුමැතිය ලබා දුන්නේ අද ය.

 

Exit mobile version