නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

යාපනයේ සරසවියේ නවක වදය දුන් සිසුන් 18කගෙ පන්ති තහනම් කරීමේ නියෝගයක්....

දිනසේන රතුගමගේ –

යාපනය විශ්වවිද්‍යාලයේ පලමු වසර සිසුන් පිරිසකට අමානුෂික හා ලිංගික ක්‍රියාවන් සහිතව නවක වධය ලබාදුන්  ජ්‍යෙෂ්ඨ සිසුන් 18 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමත් සමගම දඬුවමට ලක් වූ එක් ශිෂ්‍යයෙකු සියදිවි හානි කර ගැනීමට උත්සාහ කිරීම නිසා ඊයේ (16)  ඔහුව යාපනය තෙලිප්පලෙයි රෝහලට   ඇතුළත් කොට තිබේ.

එම ශිෂ්‍යයා විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ කාමරයට ගොස් තමන් දිවි තොර කර ගන්නා බව ප්‍රකාශ කොට ලණුවක ආධාරයෙන් බාල්කයක එල්ලී සිය දිවි හානි කර ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී එය දුටු වෙනත් සිසුන් පිරිසක් ලණුව කපා ඔහුව බේරාගෙන රෝහල් ගත කොට තිබේ.

සිසුන් 18 දෙනා සඳහා වසරක කාලයක් පන්ති තහනම් කොට ඇති අතර ඔවුන්ට එම කාලය තුළ යාපනය විශ්ව විද්‍යාලය  තහනම් ප්‍රදේශයක් බවටද  දැණුම් දී තිබේ.

නවක වධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ   පාලන අධිකාරිය හා විනය කමිටුව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වන ලද පරීක්ෂණ වලින් පසුව  සිසුන් 18 දෙනෙකු එම ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර  ඔවුන් නවක වධය ලබාදුන් අවස්ථාවලදී ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන මගින් සැකකාර සිසුන් හඳුණා ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ඡායාරූප  නවක  වධයට සිසුන් ලක් වන අවස්ථාවේදී  යාපනය විශ්ව විද්යාලයේ පලමු වසර සිසුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශනය  .

Exit mobile version