නල්ලූර් විරෝධතාවයක දී ජාතික කොඩිය බිම දමා පාගයි…

දිනසේන රතුගමගේ –

යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට  විරෝධය පල කිරීමට පැමිණි පිරිසක්   ජාතික කොඩි කඩා බිම දමා පාගා ඇතැයි වාර්තා වේ.

නල්ලූර් ප්‍රදේශයේ විරෝධතාවය සංවිධානය කළ පිරිස එය සංවිධානය කොට තිබුණේ කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද දෙමළ වැසියන් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ අවධානය යොමු කරවා ගැනීම පිණිසය.

මේ විරෝධතාවය අතර තුර වේදිකාවට ගොඩ වූ පිරිසක් ජාතික කොඩිය බිම දමා පාගා එම සිදුවීම විරෝධතා කරුවන් පසුබිමේ වීඩියෝගත කර පලා ගොස් ඇති බව වාර්තා වෛ්.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික කොඩි කඩා බිම දමා පෑගීම සම්බන්ධයෙන් යාපනය පොලීසියට හෝ නල්ලූර් පොලීසියට මෙතෙක් පැමිණිලි ලැබී නොමැත.

Exit mobile version