නරින්ට කුකුළු කොටුව භාර දීමට සැරසෙන කිරෙන් බාලවුන ක්‍රීඩා ඇමති!

ඉඳුනිල් කහටපිටිය –

මාධ්‍ය ඉදිරියේ චන්ඩියෙක් සේ හැසිරෙමින් සිය බල වියවරුව පෙන්වන  නව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මේ වනවිට හැසිරෙමින් ඇත්තේ පියවි සිහියෙන්දැයි සිතේ.

ඔහු  සිය තනතුර භාරගත් අවස්ථාවේම  ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට කළ බරපතල ව්‍යසනය සාධාරණී කරණය කරන්නේ කුමන තර්කයකින්දැයි රටට වැටහෙන්නේ නැත.

මේ වනවිට අපට පෙනෙන ප්‍රධානම ගැටලුව මතුව ඇත්තේ ඇමතිවරයා විසින් පත් කළ තේරීම් කමිටුවත්, ඔහුට උපදෙස් දෙමින් ඇති ඔහුගේ ක්‍රිකට් ගජයාත් සම්බන්ධවය.

මෙතෙක් ක්‍රිඩා ඇමතිවරයෙක් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමේ ගරුකටයුතු සම්ප්‍රදාය උල්ලංඝණය කරමින් ඔහු විසින් එක්වරම පත්කළ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සිවුදෙනෙක් සම්බන්ධව බරතල ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබේ


ක්‍රිකට් විතරක්ම දන්නා උපුල් තරංග තේරිම් කමිටු සභාපති කරන්නේ ඔහු තවමත් දේශීය තරග ක්‍රීඩා කරමින් එන්.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර බව පසුගිය දා අනාවරණය විය.

ඔහු සමග් තේරීම් කමිටුවට පත් කර ඇති අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන සහ දිල්රුවන් පෙරේරා සම්බන්ධව ද ඇත්තේ එවැනි තත්ත්වයකි.

අජන්ත මෙන්ඩිස් යනු සැකකටයුතු තත්ත්වයන් මත අයි.සි.සී. අධීක්ෂණයට ලක්වෙමින් සිටිනා චරිතයකි.  එමෙන්ම  තමන්ගේ සමීප හිතවෙතක් වූ සචිත්‍ර සේනානායකගේ නම සහිත අයිසීසී.ය විසින් ඉදිරිපත් කළ දූෂිත ක්‍රිඩකයින්ගේ ලයිස්තුව යට ගැසූ බවට චෝදනා එල්ලවන හරීන් ප්‍රනාන්දු  එම ලයිස්තුගත ක්‍රීඩකයෙක් තේරීම් කමිටුවට පත් කිරීම සම්බන්ධව බරපතල විසංවාදයක් ඇති වී තිබේ.

තරංග පරණවිතාන යනු මේ වනවිටත් මුවරස් ක්‍රීඩා සමාජයේ පුහුණු කරුය.   දිල්රුවන් පෙරේරා බී.ආර්.සී කණ්ඩායම නියෝජනය කරමින්  තවමත් ක්‍රිඩාකරන ක්‍රීඩකයෙකි.

මෙවැනි නියෝජනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට පත් කිරීමේ හරීන් ප්‍රනාන්දුගේ අවශ්‍යතාවය සම්බන්ධව ප්‍රශ්නගත තත්ත්වයක් ඇති වී තිබේ.

මේ අතර ලබන වසරේ පුරප්පාඩු වීමට නියමිත  උසස් තාක්ෂණ පුහුණුකාර තනතුර අපේක්ෂාවෙන් සිටින හරීන්ගේ තවත් ගජයෙක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට්” ලෙජන්ඩ්” කෙනෙක් ඇමතිවරයා හරහා  උපුල් තරංගගේ පත්කිරිම පසුපස ඇති ආකාරය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ලෝක  ක්‍රිකට් ඉතිහාසය වෙනස් කළ විශිෂ්ට ක්‍රීඩකයෙක් වුවත් තරග පාවාදීමේ චෝදනා මත අයි.සී.සී.ය විසින් වසර දෙකක් පූරණ ක්‍රිකට් තහනමකට යටත් කළ මෙම පුද්ගලයාට එම  වසර දෙකක් තිස්සේ අයි.සී.සී ය විසින් සංවිධානය කළ ක්‍රිකට් තරග බැලීමත් තහනම් කර තිබිණි. එමෙන්ම ඔහු වසර දෙකක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියාව සිට කෙළිය පිස්සුවේ තරම මේ ක්‍රිකට් ව්‍යසනයට බරපතල ලෙස බලපෑ මූලාරම්භය වූයේය.

ඔහුට ක්‍රිකට් බලය ලබා දෙමින්, ෂම්මි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තවදුරටත් පවත්වා ගැනීමේ අභිලාෂය සහිතව කටයුතු කරන බව පෙනෙන, මේ සම්බන්ධව ප්‍රශ්න කරන විට සිය වියරුව ප්‍රකට කරන හරීන් ප්‍රනාන්දුගේ මේ හැසිරීමේ යථාව තව සතියකින් රටට හෙළිදරව් වීමට නියමිතය.

ඒ අභියාචනාධිකරණයේ මේ වනවිට ඇසෙමින් ඇැති ක්‍රිකට් අතුරුපාලක මණ්ඩය බල රහිත කරන ලෙස ඉල්ලා චම්මි සිල්වා පවරා ඇති නඩුව සම්බන්ධව ක්‍රිඩා ඇමතිවරයා ලෙස ස්වකීය අභිමතය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේ දී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට බලා ඉන්නේ ඒ මොහොත එන තුරුය. කටේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙනු දැකීමේ අජූත මොහොතක් ඇමතිවරයා විසින් ප්‍රකට නොකරනු ඇතැයි අපේක්ෂා කරන බව සිහි කරමු.

 

 

Exit mobile version