“නයි නාටකයට නොදෙවෙනි වොයිස්කට් නාටකය නවත්වන්න”

සමගි ජනබලවේගය මැකොසට ලියයි

මැතිවරණ සමයේ දී ගංගාවලින් නයි මතුවීම, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ‘කටුවෙන් අනින නංගිගේ කථාව‘ ට නොදෙවැනි ජනමාධ්‍ය රංගනයක් මේ දිනවල විභාග වන විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පැවත්වෙන ස්ථාන එළිමහනේ සිදුවන බවත් එයින් සමඟි ජන බලවේගයට ඉතා අහිතකර පසුබිමක් නිර්මානය වී ඇති බැවින් එය පාලනය කිරීමට කටයුතු කරන ලෙස සමඟ ජනබලවේගය මැතිවරණ කොමිසමෙන් අද ඉල්ලීමක් කළේය.

එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසිස් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යවන ලද ලිපියෙහි මෙසේ සඳහන් වේ.

————————–


සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව.
2020/06/25

මැතිවරණ සමයේ ඊනියා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා ‘වොයිස් කට්‘ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.

ජනාධිතිවරණ විමර්ශන කොමිෂන් සභා දෙකක් සදහා දෛනිකව ජාතික ජනමාධ්‍ය ආයතන විකාශ 6 ක් හෝ එයට වැඩි කාලයක් මේ වන විට ප්‍රචාරය ලබා දෙමින් ඇත. ජනාධිපති කොමිසන් සභා වෙත පැමිණෙන චූදිතයින්, දේශපානලඥයින්, ආධාරකරුවන්, නරඹන්නන්, විසින් අදාළ පරිශ්‍රයේ සිට වොයිස් කට් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටී.

සමගි ජනබලවේගයේ අපේක්ෂකයින්, ප්‍රතිපත්ති ඉලක්ක කරමින් මෙම ඊනියා වොයිස් කට් මෙහෙයුම සිදුවේ. කොමිෂන් සභාවේ කටයුතු වලට කිසිදු සම්බන්ධයක් නොමැති කරුණු මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙසින් තිර පිටපතට නගා ඇත.

මැතිවරණ සමයේ දී ගංගාවලින් නයි මතුවීම, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ‘කටුවෙන් අනින නංගිගේ කථාව‘ ට නොදෙවැනි ජනමාධ්‍ය රංගනයක් ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වොයිස් කට් නාටකය දිගැදෙමින් ඇත.

මැතිවරණ කොමිසම සමගිජනබලවේගයට ප්‍රමුඛ විපක්ෂයේ අනෙකු සියළු පක්ෂවලට බැනරයක් ප්‍රදර්ශනය කර ගන නොහැකි පරිසරයක් ගොඩ නගා ඇත. රාජ්‍ය සේවකයින්ට ෆේස්බුක් අදහස් දැක්වීම වැලැක්වීම සදහා විනය පරීක්ෂණ භීතියක් මතුපිටට ගෙන ඇත.

විපක්ෂයේ කණ්ඩායමක කකුල් කඩා සමබිමක තරඟයක් ලෙස මහා මැතිවරණයක් පැවැත්විය නොහැකිය.නමුත්, රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් හා පුද්ගලික නාලිකා කිහිපයක් ද, සමාජ මාධ්‍ය ද උපයෝගී කර ගනිමින් මේ වන විට සිදු වෙමින් ඇත්තේ ඒ අසම-තරග බිම නිර්මාණය කිරීමයි.

එබැවින්, ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කටයුතු ජනමාධ්‍ය ආවරණයන්ගෙන් ‘සමගිජන බලවේගය විනාශ කිරීමේ වොයිස්කට් නාටකය‘ පාලනය කිරීම සදහා මැතිවරණ කොමිෂම පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රංජිත් මද්දුම බණ්ඩාර
මහලේකම්
සමගි ජනබලවේගය

Exit mobile version