නයිවල මලගෙදරක කොවිඩ්… හෙට උදෑසන 10 ට පෙර අවසන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ නියෝග කරයි….

පුරා දින 03ක් තිස්සේ පැවැත්වෙමින් තිබූ වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ ගුරුවරියකගේ මළ ගෙදරකට සහභාගී වූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් තවත් පිරිසකට කොවිඩ් රෝග ලක්ෂණ පහළ වීමත් නිසා අද සවස මළගෙදරට ගිය ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීහු හෙට උදෑසන 10වන විට දේහය සම්බන්ධ සියලු කටයුතු අවසන් කරන ලෙද නියෝග කළේය.

මෙම ගුරුවරිය පසුගි 27 දා රාත්‍රියේ හදිසි හෘදයාබාධ තත්වයක් නිසා රෝහල්ගත කිරීමෙන් අනතුරුව 28 දා අලුයම මියගොස් තිබිණි.

මරණය 28 දාම රාත්‍රියේ නිවසට ගෙනැවිත් හෙට සවස 4ට අවසන් කටයුතු කිරීමට සැලසුම් කර තිබිණි. මේ අවමගුල්  උත්සවයේ කටයුතු සඳහා මාරපොල විද්‍යාලයේ සියලුම ගුරුවරු හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ පිරිස් සහභාගී වී සිට ඇත. කොවිඩ් ආසාදිතව ඇත්තේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකුටය.


මේ සමගම තවත් පිරිසකට රෝග ලක්ෂණ මතු වී ඇති බවත් මෙම ස්ථානය මුල් කරෙගන තවත් කොවිඩ් පොකුරක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් පවසන සෞඛ්‍ය අංශ  හෙට උදෑසන 10ට පෙර සියලු අවමගල්‍ය කටයුතු නිමා කළ යුතු බවටත්, කිසිම ආහාර පාන කිසිවකින්  කිසිවෙකුට සංග්‍රහකළ නොහැකි බවටත්, පාංශුකූලයට එන හිමිවරන්ට හෝ ගිලන්පසවත් ලබා දිය නොහැකි බවත් දන්වා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අවසන් කටයුතුවලින් පසු පවුලේ සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

Exit mobile version