නත්තල් සැනකෙළි පවත්වන රාත්‍රී සමාජශාලා සෙවීමේ මෙහෙයුමක් සූදානම්!

නත්තල් සාද හා සැනකෙළි පවත්වන රාත්‍රී සමාජශාලා සොයා බැලීමේ මෙහෙයුම ඉදිරි දිනවලදි ආරම්භ කරන බවත් එවැනි පුද්ගල ඒකරාශීවීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන සමාජශාලාවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් කොළඹ මහනගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි  සදහන් කරයි.

කොළඹ නගරයේ මුව ආවරණ නොපළදින පුද්ගලයින්ව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට හෝ පීසීආර් පරික්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පවසයි. 

පොලීසි හා එක්ව මෙම පුද්ගලයින්ව සෙවීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයිද හෙතෙම කියයි. 


කොළඹ නගර තුළ පළමු කොවිඩ් එන්නත් මාත්‍රාව සියයට 95ක් දෙනා ලබාගෙන ඇති අතර දෙවන මාත්‍රාව සියයට 78ක් දෙනා ලබා ගෙන ඇතැයි ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සදහන් කළේය.

 කොළඹ නගරයේ  සෞඛ්‍ය ආයතන  6දී  බූස්ටර් එන්නත ලබාගත හැකි අතර  මේ වන විට පුද්ගලයින් 30000ක් පමණ දෙනා බූස්ටර් එන්නත  ලබා ගෙන ඇතැයිද ඔහු පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ නගරයේ යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ මතුව ඇත්නම් කැම්බල්පිටියේ ස්ථාපිත කර තිබෙන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරන ස්ථානය වෙත ගොස් පරික්ෂාවක් කර ගන්නා ලෙසද වෛද්‍ය විජේමුණි   ඉල්ලා සිටියි.

Exit mobile version