නත්තලට බීලා රිය පදවන ඔබ එනතුරු පොලිසිය මග බලාගෙන!

නත්තල් සමය සහ එළඹෙන නව අවුරුදු උදාව සමයේ බීමත් රියැදුරන් අත්අඩංගුවට  ගැනීම සඳහා පැය 24ම ආවරණයවන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් දිවයිනම  පුරාම ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

එම මෙහෙයුම ලබන ජනවාරි 5 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව, පොලිස් හදිසි මාර්ග බාධක, ජංගම සංචාර යොදවමින් හා අමතර රථවාහන පොලිස් නිලධාරීන් යොදවමින් මෙම විශේෂ පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උත්සව සමය තුළ බීමත් රියැදුරන් හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ වී ඇත.

 

 

Exit mobile version