නඩු නැතිව සිර කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගන්න මැදිහත් වෙන්න…

නාගවිහාරයේ විහාරාධිපති  හිමියන්ගෙන් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාති සංගමය ඉල්ලයි...

දිනසේන රතුගමගේ –

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතී සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ (02) යාපනයේ නාග විහාරයේ විහාරාධිපති හිමියන් හමු වී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර දීම සඳහා මැදිහත් වන මෙන් ඉල්ලීමක් කළේය. 

වසර ගණනාවක් මේ පිරිස බන්ධනාගාරවල  නඩු විමසීමකින් තොරව  රඳවා ගෙන සිටින නිසා හැකි ඉක්මනින් ඔවුන්ට එරෙහිව චෝදනා ඇතිනම් අධිකරණමය ක්‍රමවේදයක් ඔස්සේ ඔවුන්ට නිදහස ලබා ගැනීමට හැකි ක්‍රමයක් සකස් කර දෙන මෙන් රජයෙන් ඉල්ලීමක් කරන ලෙස  විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලා තිබේ.

මෙම නියෝජිත පිරිස යාපනයේ නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ ශ්‍රී විමල හිමියන්ට පවසා ඇත්තේ මේ ආකාරයටම සියලුම ආගමික නායකයින් හමුවී ඔවුන් ලවා රජයෙන් ඉල්ලීමක් කොට දෙමළ දේශපාලන සිරකරුවන්ට  නිදහස ලබා ගැනීමට හැකි පරිසරයක් සකසා ගන්නා බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන මාර්තු මාසයේදී ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය පැවැත්වෙන බැවින්  මේ දිනවල දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය හා යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ප්‍රශ්නය උතුරේ බොහෝ ස්ථාන වල සාකච්ඡාවට බඳුන් වී තිබේ.

Exit mobile version