නඩුව ඉවරයි… බෝට්ටු රාජසන්තක කර ඉන්දීය මාලු හොරු  ගුවන් මගින් ඉන්දියාවට

දිනසේන රතුගමගේ –

අනවසරයෙන් උතුරු මුහුදේ  මසුන් මරමින් සිටියදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 23 දෙනාගෙන් 18 දෙනෙකු 25 දා රාත්‍රී ගුවන් මගින් ඉන්දියාවේ තමිල්නාඩුව   වෙත පිටත් කොට යවා තිබේ.

ඉතිරි ධීවරයින්ගෙන් තුන් දෙනෙකු  කොරෝනා ආසාධිතයින් බවටා පත්ව සිටීමත් තවත් දෙදෙනෙකු සැක සහිත මටමක සිටිමත් නිසා ඔවුන්ව ඉන්දියාව වෙත යැවිම කල් දැමිමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

නාවික හමුදාව විසින් මෙම ඉන්දීය ධීවරයින් 23 දෙනා මීට මාසයකට පමණ ඉහතදි අත් අඩංගුවට ගෙන තිබූ අතර පේදුරුතුඩුව අධිකරණය විසින් ඔවුන් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් පසුව මේ විසිතුන්දෙනා නිදහස් කොට ඇති අතර ඔවුන්ව ආපසු ඔවුන්ගේ රටට බාර දෙන ලෙස  පසුගිය  16 වෙනිදා නියෝග කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධීවරයින් සතු ධීවර  යාත්‍රා දෙකක්  ධීවර ආඥාපනතේ සඳහන් කොන්දේසි වලට අනුව රාජසන්තක කිරීමට පේදුරුතුඩුව අධිකරණය පියවර ගෙන ඇති අතර එම ඉන්දීය ධීවරයින්ට එරෙහිව තිබූ නඩුවද අවසන් කොට තිබේ.

Exit mobile version