ධර්මපුරම් මව සහ දියණිය මරලා පුච්චලා?…

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ ධර්මපුරම්හි දී ඊයේ (22) පිලිස්සී මිය ගිය මව සහ දියණියගේ මරණ මිනී මැරුම් බවත් ඒ දෙදෙනා  මරා පුලුස්සා දමන ලද බවට සැකකරෙන  බවත් පොලිසිය කියයි.

මෙලෙස මරා දමා ඇති බවට සැක කරන්නේ දරුවන් 07 දෙනෙකුගේ මවක් වන 37 හැවිරිදි ආනන්දරාසා සීදේවි සහ ඇයගේ 17 හැවිරිදි ලක්ෂිකා නැමති දියණියයි.

කාන්තාවගේ ස්වාමීපුරුෂයා රැකියාවක් සඳහා පිටව ගොස් සිටි අතර නිවසේ කාන්තාව හා දියණිය පමණක් සිටි අවස්ථාවේදී මෙම සිදු වීම සිදුව තිබේ.


පොලීසිය විසින්  කරණ ලද පරික්ෂණ වලදී දෙදෙනා මියගොස් පිලිස්සී සිටි  ඉඩම ආසන්නයේ තිබී පිහියක්  පෙට්‍රල් බෝතලයක් හා ජංගම දුරකතනයක් සොයා ගෙන ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි කිළිනොච්චිය මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර්  කිළිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට මෙම මරණ දෙක සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඒ පිළිබදව පුර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස නියෝග කොට තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියටද නියෝග කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය ධර්මපුරම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version