ධම්මික පැණියට සායනික පරීක්ෂණයක් නොව අපරාධ පරීක්ෂණයක් අවශ්‍යයයි…

මී පැණිත් කාලි අම්මා ගෙනත් දුන්නා කියන්න ඉඩ දෙන්න එපා... වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි..

ධම්මික පැණිය සඳහා දැන් රටට අවශ්‍ය සායනික පරීක්ෂණයක් නොව අපරාධ පරීක්ෂණයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ්  පවසයි.

ලැබෙන තොරතුරු අනුව ධම්මික පැණිය මේ වනවිට රටේ විශාල ප්‍රමාණයක් පානය කර ඇති බවත්, විශාල ප්‍රමාණයෙන් නිශ්පාදනය වී ඇති බවත් පවසන සභාපතිවරයා මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගත් ආකාරය සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් මතුව ඇතැයි ද කියයි. මේ  ව්‍යාජ ව්‍යාපෘතිය සම්බන්ධව රටේ බුද්ධි අංශ ද සම්බන්ධ කරගෙන පරීක්ෂණ පවත්වන මෙන් ඔහු ඉල්ලා සිටී.

“ මේ තරම් මී පැණි ප්‍රමාණයක් රටින් ආනයනය කළාද, නැතිනම් විශේෂ ක්‍රමවේදයකින් මී පැණි නිශ්පාදනය වැඩි කළා ද, මේ නිශ්පාදන සිදුවන්නේ කොහොම ද කියන මූලික ප්‍රශ්නයට මුලින්ම පිළිතුරු සොයා දීම මේ රටේ සෞඛ්‍ය අංශයේ වගකීමක්. එයත් කාලි අම්මා පැණි බැරල් ගෙනාව වගේ උත්තරයකට ලඝු කරන්න එපා… මිනිසුන් මුලා කරමින් කරන මේ ව්‍යාජ ව්‍යාපාරය ගැන අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය කටයුතු කළ යුතුයි….


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැණිය බී වෛරස් අසාදිතයෙක් අසලට ගියහොත් කිල්ලට හසුවෙනවාලු.. හරියට හරි. මේ වෛරස් එකෙන් බේරෙන්න තියන එකම දේ ආසාදිතයන්ගෙන් ඈත් වී සිටීම. ඒකට පැණි බොන්න අවශ්‍ය නෑ. ජනතාව කොවිඩ් වෛරසයෙන් ආක්ෂා කරන එක පසෙක තබා පැණිය ආරක්ෂා කිරීමේ කටයුත්ත නවත්වන්න කියන ඉල්ලීම කරනවා…“ ඔහු වැඩි දුරටත් පවසයි.

Exit mobile version