දොස්තරලාට විතරක් ඉන්ධන සැලකිලි… වෛද්‍ය නොවන සෞඛ්‍ය සේවා සඳදා වැඩ වර්ජනයකට සැරසෙයි…

වෛද්‍යවරුන්ට පමණක් ඉන්දන ලබා දීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුකු කරමින් පවතින බැවින්  වහාම  අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා එම තීරණය ක්‍රියාත්මක නොකළහොත් ලබන සදුදා සිට දිවයින පුරා රෝහල්වල ඇතුරු පර්පුරක සහ හෙද වැඩ වර්ජනයන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවා සිටියි.

රෝහල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේම සේවය අවශ්‍ය බැවින් සෑම දෙනාටම ඉන්ධන ලබාදීමේ ක්‍රම‌වේදයක් සකස් කළ යුතු වන නමුත් වෛද්‍යවරුන්ට පමණක් විශේෂත්වයක් දක්වා ඉන්ධන බා දිමට කටයුතු කිරීම අසාධාරණයක් යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇතැම් ඉන්ධන හල්වලට පැමිණි ඉන්ධන බවුසර් වෛද්‍යවරුන්ට පමණක් ලබාදීමට කටයුතු කිරිමත් සමග දින ගණනාවක් පෝලිමේ රැඳී සිටි පිරිස් කළහකාරී ලෙස හැසිරෙමින් එයට විරෝධය පල කර ඇතැයිද  ඇතැයිද මේ අනුව හෙට (3) දිනයේදී රැස්වෙන් අතුරු වෛද්‍ය සේවාවවන් සහ පරිපුරක වෛද්‍ය සේවාවන් සඳුදා ගනු ලබන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණය කරන බව ද එම වෘත්තීය සමිති නායකයෙක් සඳහන් කළේය.

Exit mobile version