දේශබන්ට ගහපු විරෝධතාකරුවන් හොයන්න බස්නාහිර බුද්ධි අංශයේ විශාල පිරිසක් යොදවලා….

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් කණ්ඩායම් සෙවීම සඳහා බස්නාහිර පළාත් බුද්ධි අංශයම පාහේ යොදවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ඔහුගේ ආරක්ෂකයනුත් සිවිල් ඇඳුමින් සැරසී අරලියගහ මන්දිරයට තුළට ගොස් ඇත්තේත් ඉන් පිටවී ඇත්තේත් පොලිස් යතුරු පැදියක් යවා තොරතුරු නිරික්ෂණය කිරීමෙන් පසුව බවත්, වාහනය විරෝධතාකරුවන් විසින් නවත්වා ඇත්තේ එහි සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා බව නොදැන බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් අවසානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව එම කණ්ඩායමේ අයෙක් හඳුනාගෙන ඇති බවත් පහර දීම සිදුවී ඇත්තේ ඉන් පසුව බවත් එම ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් මේ වනවට නියෝජ්‍ය පොලිස්පතිවරයාට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිරිස හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් වෙත යොමු කිරීම පමා කිරීම සම්බන්ධව චූදිතයන් වෙනුවෙන් ඉදිරිපත් වුණු නීතිඥවරු උසාවිය හමුවේ විරෝධය පල කර තිබිණි.


මෙම පරීක්ෂණය සිදුකරන්නේත් නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ බැවින්  චූදිතයන්ට අසාධාරණයක් විය හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් රාජකාරිය පැහැර  හැරීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති බැවින් ඔහු සම්බන්ධව  මූලික ක්‍රියාමාර්ගයක් නොගැනීම ප්‍රශ්නයක් බවත් එම නීතිඥවරු පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මේ වනවිටත් මේ ප්‍රශ්නයට තුඩු දුන් ගෝඨාගෝගම අරගල භූමියට එල්ල කළ දේශපාලන මැර ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධව සමාජය තුළ බරපතල ප්‍රශ්නකිරීමක් ඇති වෙමින් තිබේ.

මෙයත් කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අරගලයට පහර දුන් මහින්ද ඇතුළු මැරයින් අත්අඩංගුවට ගන්න… වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් පැමිණිල්ලක්!

Exit mobile version