දේශපාලන බලයකින් පවත්වාගෙන ගිය දළදාගම “ස්පා“ එකකට මිනිස්සු ගිනි තබති….

සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල

මාතර සම්පත්-

කුරුණෑගල ප්‍රභල දේශපාලකයෙකුගේ  සම්බන්ධකම් වල බලය පෙන්වමින්  මහව දලදාගම පුදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ප්‍රදේශවාසී පිරිසක් අද ටයර් දමා (11) විසින් ගිනි තබා තිබේ.

ටයර් දමා ගිනි තබා ඇති අයුරු

ප්‍රදේශවාසීන් ගේ දැඩි විරෝධය මැද එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස්  ඇත්තේ දේශපාලන බලපුලුවන්කාරකමක් මත බව කියැවේ.

ටයර් දමා ගිනි තබා ඇති අයුරු

මෙය ලියාපදිංචි කර ඇති ව්‍යාපාරයක් බැවින් පොලිසියට ද නීතියෙන් කළ හැකි කිසිවක් නොමැති බැවින් ජනතා විරෝධය මැද ව්‍යාපාරය  පවත්වාගෙන යන්නට හැකි වී තිබේ.   මෙම සම්බාහනයට මුවා වී විවිධ විෂමාචාර ක්‍රියා   සිදුවන බව පවසමින් මීට මාස ගණනාවක සිට ප්‍රදේශවාසීහු අවස්ථා කිහිපයකම විරෝධතා දැක්වූහ .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගොඩනැගිල්ල ඉදිරිපිට ටයර් යොදා ගනිමින් ගිනි තබා ඇති අතර එම ගොඩනැගිල්ලේ දේපළ වලට හානි සිදු වී තිබේ. කුරුණෑගල පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරයි…

Exit mobile version