දේශපාලනමය භෝජන සංග්‍රහ ආදියට නිලධාරීන් යන බවට පැමිණිලි

දේශපාලන අයිතිවාසිකම් ඇති නිලධාරීන් මෙන්ම එම අයිතිවාසිකම නොමැති මාණ්ඩලික නිලධාරීන් ඡන්ද විමසීම් කාලය තුළ සංවිධාන කරනු ලබන දේශපාලනමය ස්වරූපයේ වැඩමුළු, සාකච්ඡා, සුහදහමු, භෝජන සංග්‍රහ සඳහා සහභාගී නොවිය යුතු බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ 2020 අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පක්ෂ කණ්ඩායම් අපේක්ෂකයන් සිය ප්‍රචාරණ ව්‍යාපාරය මේ වන විට වේගවත් හා පුළුල් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

අධ්‍යාපන සෞඛ්‍,ය කෘෂිකර්ම හා මහවැලි කර්මාන්ත හා ඉදිකිරීම්, සමෘද්ධි, සමාජ සේවා, පළාත් සභා සභා පළාත් පාලන ක්ෂේත්‍රවලට අයත් මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන් එවන් වැඩසටහන්වලට සහභාගි වූ බවට ලද පැමිණිලි අනුව පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවද සභාපතිවරයා පෙන්වා දෙයි.


දේශපාලන අයිතිය අහිමි මාණ්ඩලික නිලධාරින් ගෙන් යුතු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හා සාමාජිකයන් එවැනි රැස්වීම්/ උත්සවවලට සහභාගි නොවීමට වග බලා ගත යුතුය. දේශපාලන අයිතිය හිමි නිලධාරීන්ගෙන් සමන්විත වෘත්තිය සමිති විසින් ද එම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය මගින් අදහස් කරයි.

මෙයට අමතර ව දේශපාලන අයිතිවාසිකම් අහිමි මාණ්ඩලික නිලධාරීන්ගේ වෘත්තීය සමිති විසින් සාමාජිකයන්ගේ සමූහ විසින් හෝ ඡන්ද විමසීම් කාලය තුළ සංවිධාන කරනු ලබන වැඩමුළු සාකච්ඡා සුහද හමු භෝජන සංග්‍රහ සඳහා එම වෘත්තීන්ට කිසිදු සම්බන්ධතාවක් නොමැති දේශපාලනඥයින් සහභාගී කරවාගෙන මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇතැයි කොමිසම සඳහන් කරයි. එනම් මෙවැනි අවස්ථා දේශපාලනය හා දේශපාලනඥයින් සහභාගි කරවා ගැනීමෙන් වැළකී සිටීම සිටීමේ අවශ්‍යතාව සියලු රාජ්‍ය සේවා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වෙත දන්වා සිටින බව කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලන අයිති හිමි වුවත් අහිමි වුවත් මැතිවරණ රාජකාරිවලට සෘජුවම දායකත්වය දක්වන රාජ්‍ය සේවයේ නියුතු සියලුම දෙනා දේශපාලන කටයුතුවලින් බැහැර වියයුතු බවත් ස්වකීය වෘත්තියේ ස්වාධීන බව රැකගැනීම සදහා සියලු රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තී සමිති සෘජු දේශපාලන කටයුතුවලින් ඡන්ද විමසීම් කාලසීමාව තුළ ඈත්ව සිටීමේ අවශ්‍යතාව පිළිබඳව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Exit mobile version