දේශපාලකයනි… කොවිඩ් නිම වෙන්නට පෙර මිනිසුන් නොමරා එන්නත් විදගෙන පැත්තකට වෙන්න… කොවිඩ් පාලනය අපි කරන්නම්. ජී.එම්.ඕ.ඒ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍යවරුන්ට වඩා කොවිඩ් පාලනය කිරිමට දේශපාලඥයින් හොදට තේරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොවිඩ් රෝගින්ට ලබා දිය යුතු ප්‍රතිකාර ක්‍රමයේ සිට රෝගය පාලනය කළ යුතු අන්දම කෙබදුද යන්න දේශපාලඥයින් දන්නා බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියයි.

මෙය ඉතාමත් අභ්‍යාග සම්පන්න කරුණක් බවත් දේශපාලඥයින් කොවිඩ් පාලනය කිරිමට පටන් ගැනීම කොවිඩ් වලට පෙර රටේ මිනිසුන්ගේ ජීවිත අවසන් වීමට ඉඩ ඇති බව ඔහු පෙන්වාදේ.

දේශපාලඥයින් එන්නත විදගෙන පැත්තකට වී සිටින්නේ නම් කොවිඩ් පාලන වැඩ කටයුතු සහ රෝගී සත්කාර සේවාව වෛද්‍යවරුන් භාර ගන්නා බවද ඔහු අවධාරණය කරයි.

Exit mobile version