දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දෙන්න…

ආනන්ද සංගරි අගමැතිට ලියයි....

Ananda-Sangari

දිනසේන රතුගමගේ

දැනට බන්ධනාගාර ගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා 10 දා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

මේ පිරිසට වඩා  විනාශකාරී ක්‍රියා සිදු කළ  දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයින් වසරක කාලයක් පුනරුත්ථාපනය වී නිවෙස් වල සිටීමත් බන්ධනාගාර වල සිටින පිරිස වසර  දහයකට වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිටින නිසාත් ඔවුන්ව පොදු සමාවක් යටතේ නිදහස් කිරීම සාධාරණ බව ආනන්ද සංගරී විසින් යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.

පොදු සමාවන් ලබාදීම ශ්‍රී ලංකාවට අළුත් දෙයක් නොවන බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස බෞද්ධාගම පෙරදැරි කරගත් පාලන ක්‍රමයක් මේ රටේ ගෙන යන නිසා  දෙමළ දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන් මේ වන විට වැටී සිටින අසරණ තත්ත්වය ගැන සලකා ඔවුන්ට පොදු සමාවක් ලබා දීම කෙරෙහි  අවධානය යොමු කරවන මෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද්ධය හමාර කිරීමෙන් පසුව යළිත් වරක් රටේ ජනාධිපතිවරයා වූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජාතික නිදහස් දින උළෙලේදී කළ කතාව යළි සිහිගන්වමින් ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා සඳහන්කොට ඇත්තේ ඔබ ඒ කතාවේ සඳහන් සියළු දේ ඉටු කරණු  දැකීම තම කැමැත්ත බවයි.

Exit mobile version