දෙමළ දේශපාලකයන්ගේ ජිනීවා පැමිණිල්ල පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයක…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටි යුද ස්මාරකය කඩා දැමිම පිළිබඳව වහාම පියවරක් ගන්නා ලෙස දෙමළ දේශපාලන පක්ෂවල නායකයින් පිරිසක් විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් ඊයේ 22 දා යවා තිබේ.

මේ ස්මාරකය කඩා දැමීම යුද හමුදාව හෝ රජයේ වෙනත් පාර්ශ්වයක් විසින් සිදු නොකළ බවට රජය නිවේදනයක් නිකුත් කොට ඇතත් ඉන් දෙමළ ජනතාවට හා ඔවුන්ගේ අභිමානයටද මානව හිමිකම් වලටද විශාල හානියක් සිදුව ඇති නිසා මේ පිළිබඳව යම් සාධාරණයක් ඉටු කිරීමට මැදිහත් වන ලෙස ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් මෑතකදී ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කරණ ලද යෝජනාවලියට මේ කාරණයද ඇතුළත් කර ගන්නා ලෙස දෙමළ දේශපාලන පක්ෂ නායකයෝ ඉල්ලීමක් කොට තිබේ.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මේ දෙමළ දේශපාලනඥයින් පිරිස ශ්‍රී ලංකා රජයට එරෙහිව ජිනීවා නුවර වෙත යවන ලද ලිපිය ලිවීමට පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂයක් යොදා ගැනීම බලවත් වරදක් බවයි.

Exit mobile version