දෙමටගොඩ අවට ජාන විශ්ලේෂණ පරීක්ෂණ වැඩිවෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමටගොඩ ආශ්‍රිත ප්‍රදේශවල සහ කොළඹ අවට ප්‍රදේශයන්ගේ ජාන විශ්ලේෂණ පරික්ෂණයන් වැඩි කිරීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කරයි.

මේ වන විට යාපනය, රත්නපුරය, ගාල්ල, මාතලේ , මඩකලපුව , පුත්තලම , පොළොන්නරුව, අනුරාධපුරය ආදී දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජාන විශ්ලේෂණයන් සදහා නියැදි නිරන්තරයෙන්ම ලැබෙන අතර ඒවා ජාන විශ්ලේෂණ පරික්ෂණයන් සඳහා යොමුකිරීම සිදුකරන බවද ඇය පෙන්වාදේ.

ජාන විශ්ලේෂණ පරික්ෂණයන් කළ යුත්තේ කුමන අවස්ථාවේදීද, කොපමණ සංඛ්‍යාවක් කළ යුතුද , කුමණ ස්ථානයන්ගේ කළ යුතුද? කුමන රෝගීන්ගේ කළ යුතුද යන්න පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්නායකයන්ට ලබා දී තිබෙන අතර එම නිර්නායකයන්ට අනුව පරික්ෂණ සිදුකරන අතර ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ආධාරලබා දෙන බව මහාචාර්යවරිය සදහන් කරයි.

Exit mobile version