දෙමටගොඩින් හමුවූ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය දරුවන් අතර පැතිරීම 5 ගුණයක් වේගවත්..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝකය පුරා වේගයෙන්ම පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය වන්නේ ඉන්දියාවෙන් ආරම්භ වූ ඩෙල්ටා ( B .1. 617) බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් ඊයේ (18) ප්‍රකාශ කළාය. මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් හමුවන කොවිඩ් ආසාදියන්ගෙන් සියයට 99ක්ම මෙම ප්‍රභේදය දරන්නන් බව හෙළිව ඇති අතර එංගලන්තයේ සතියක් තුළ රෝගීන් 34000ක් පමණ ප්‍රමාණයක් වැඩි කරවූයේ මෙ මඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රබේදයයි.

මෙම ප්‍රභේදය පිළිබඳව අවධානය යොමු කළ ලන්ඩනයේ ඉම්පිරියල් කොලේජ් හී වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ වේගයෙන් පැතිරෙන මෙම වෙරසයේ ප්‍රධාන වාහකයා වන්නේ තරුණ පරපුර බවයි. ඔවුන් අතර මෙම රෝගය පැතිරීම සෙසු පුද්ගලයන්ට වඩා පස් ගුණයක් වැඩි බව අනාවරනය කරගෙන තිබේ. මැයි මාසයේ 20 වනිදා සිට ජූනි 07 වැනිදා දක්වා කාලය තුළ මෙම දත්ත එක්රැස්කරගෙන ඇති අතර එහිදි ඔවුන් කොවිඩ් ආසාදනය වුණු පුද්ගලයන්ගේ වෙරස පරීක්ෂා කිරීමේදී මේ බව හඳුනාගෙන තිබේ.

මෙම පර්යේෂණයේදී ඔවුන් ළමයින් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර පළමු කාණ්ඩය වූයේ වයස අවුරුදු 5ත් 12ත් අතර පිරිසයි. අනෙක් කාණ්ඩයට වයස අවුරුදු 18ත් 24ත් අතර කණ්ඩායම අයත්ව ඇති අතර මේ අතරිනුත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පැතිරවිමේ වැඩි විභවයක් පෙන්නුම් කර ඇත්තේ වයස අවුරුදු 18ත් 24ත් අතර කාණ්ඩයයි. මෙම කාණ්ඩ දෙක සැලකීමේදී ඩෙල්ටා වෛරස ප්‍රභේදය පැතිරීම වයස අවුරුද 65කට වැඩි පුද්ගලයන්ට සාපෙක්ෂ්ව පස් ගුණයකින් වැඩි බව හඳුනාගෙන ඇති අතර වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් අතර ඊට වඩා වැඩි පුද්ගලයන්ට සාපේක්ෂව 2.5 ගුණයකින් රෝගය පැතිරීමේ අවදානම වැඩි බව හදුනාගනු ලැබ ඇත.

බ්‍රිතාන්‍යෙය් මේ වනවිට වයස අවුරුදු 60ට වැඩි පුද්ගයන් බොහොමයක් කොවිඩ් වසංගතයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර ඒ තුළ ඔවුන් අතර රෝගය බෝවීම වාර්තාගත ලෙස අඩුවී ඇත. එසේ වුවද පසුගිය සති කිහිපය තුළ යළිත් කොවිඩ් ආසාදිතයන් වැඩි විමක් පෙන්නුම් කළද ඔවුන් අතරින් සියයට 90ක්ම ඩෙල්ටා ප්‍රබේදය දරන්නන් බව තහවුරු වී ඇත. ඔවුන් බහුතරය තරුණ ළමා සහ මැදි වියේ පසුවන බවද මෙම අධ්‍යයයනයේදී හෙලි වී තිබේ.

මෙම තත්ත්වය තුළ කොවිඩ් සම්බන්ධයෙන් අනුමගනය කළ යුතු මූලික සෞඛ්‍ය පිළිවෙත් තරුණයන් සහ ළමා පරපුරද තවදුරටත් රැකිය යුතු බව වෛද්‍යවරු අවධාරණය කරති.

Exit mobile version