දෙකෝටි හැට ලක්ෂයක මුහුදු කූඩැල්ලන් සමග සැකකරුවන් 04ක් හසුවේ…

දිනසේන රතුගමගේ – 

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 1189 ක් ඉන්දියාවේ සිට මන්නාරමට රැගෙන එමින් සිටි පුද්ගලයින් හතර දෙනෙක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඔවුන්ව 11 දා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දී තිබේ.

උතුරු මැද නාවික විධානය මගින්  තලෙයිමන්නාරමට ආසන්න මුහුදු තීරයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවන් දෙකක් පරීක්‍ෂාවට ලක් කර එම ඩිංගි යාත්‍රා තුළ තිබූ උර 24ක අසුරන ලද වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 1189 ග්‍රෑම් 83 ක පමණ ප්‍රමාණයක්, සැකකරුවන් සිව් දෙනෙක්  සහ එම ඩිංගි යාත්‍රාවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 38ත් 58ත් අතර වයසේ පසුවන කල්පිටිය, සිලාවතුර සහ නානට්ටාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.   එම සැකකරුවන් දින 14ක කාලයක් නිරෝධායනය කිරීම සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදි.


Exit mobile version