දූෂණ චෝදනා ලද දේශපාලකයින්ට රටින් යන්න ඉඩ නොදෙන්න විරෝධතා කරුවන් කටුනායක ගුවන්තොටුපල අසල…

කීර්ති ප්‍රනාන්දු –

චෝදනාවට ලක් වී ඇති දේශපාලනඥයන් කටුනායක ගුවන්තොටුපල ඔස්සේ  පිටවීම වැලැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පිවිසුම ඉදිරිපිට තරුණයන් පිරිසක්  අද (10) දින අලුයම සිට රැකවල් ලා සිටිති.

මෙම විරෝධතාකරුවන් අතර ශිෂ්‍යයින්, නිහස් වෙළෙඳ කලාපයේ සේවකයින්, ප්‍රදේශවාසීන්, වෙති.

ඔවුන් ගුවන්තොටුපලට යෑමට අවසර දෙන්නේ එතැනට එන වාහන පිරීක්ෂා කිරීමෙන් අනතුරුව වීම අනවශ්‍ය  ගැටලුවක් ඇතිවීමේ  ඉඩකඩ නිර්මාණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් රටේ නීතිය ප්‍රකාරව උසාවි නියෝගයකින් ගුවන් ගමන් තහනමක් නැති ඕනෑම පුරවැසියෙකුට රටින් පිටවීමට නෛතික අවසරයක් තිබේ.


Exit mobile version