දූෂණයකොට මරා දැමූ පුදුකුඩුඉරිප්පු දියණිය දෙමස් ගැබිණියක්… අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළි වේ…

අපරාධකරු සොයා දඬුවම් දෙන්නැයි මුලතිව් වැසියෝ උද්ඝෝෂණයක...

දිනසේන රතුගමගේ –

දූෂණය කොට මරා දමන ලද මුලතිව් පුදුකුඩීඉරිප්පු  උදයන්කට්ටු  මුංගිලාරූ ප්‍රදේශයේ දොළොස් හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මුලතිව් ප්‍රදේශයේ වැසියෝ  අද (20) දා විරෝධතාවයක් ආරම්භ කොට තිබුණහ.

යෝගරාසා නිදර්ශනී නැමති  මෙම දැරිය පසුගිය 15 වෙනිදා සිට නිවසින් අතුරුදහන් වීමෙන් පසුව ඇයව සොයා යුද හමුදාව පොලීසිය හා ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කොට තිබුණි.

පසුව ඇගේ මළ සිරුර  ප්‍රදේශයේ කැළයක තිබී හමු වී අතර පුදුකුඩීඉරිප්පු රෝහලේදී ඇගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයව අමානුෂික අන්දමට දූෂණ කොට ඇති බවටත් ඇගේ ලිංග ප්‍රදේශයේ ඉතා දරුණු තුවාල තිබූ බවටත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වාර්තා කොට තිබුණි.


එසේම මෙම දැරිය මියයන විට මාස දෙකක ගැබිණියක් වී සිටි බවටද  එම වෛද්‍ය වාර්තාවේ කරුණු සඳහන් වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා පවුලේ ඥාතියෙකු මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version