දුර පළාත් සඳහා ඉන්ධන ප්‍රවාහනයට හතර ගුණයක් වැඩියෙන් ගෙවලා… කෝප් කමිටුවේ දී හෙළි වෙයි!

ඛනිජ තෙල් මෙරටට ආනයනය කිරීමෙන් පසු ඒවා අදාළ ස්ථානවලට ප්‍රවාහනය කිරීම සඳහා  සුරක්ෂිත රාජ්‍ය වගකීම සහිත අඩු පිරිවැය ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිතව තිබිය දී  ප්‍රවාහන වියදම් සඳහා හතර ගුණයක මුදලක් වැය කර ඇති බව 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ රැස්වූ කෝප් කමිටුව හමුවේ හෙළි වී තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ දුම්රිය බලධාරීන් කරන ඉල්ලීම අනුව ඉන්ධන දුම්රියෙන් ප්‍රවාහනය කිරීම සඳහා කිලෝමීටරයකට වැයවන බවට ගණනය කළ මුදල රුපියල් තුනයි ශත අසූ එකකි.

එහෙත් කිලෝමීටරයකට රුපියල් 12යි ශත අනූ හතරක් බවුසර මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා වැයවන බව කෝප් කමිටුවේ දී හෙළි වී තිබේ.


2021 වසරේ ජනවාරි මාසයේ දී කෝප් කමිටුව විසින් මෙම විමර්ශනය සිදු කර ඇති අතර, එහි දී අනාවරණ වී ඇති තවත් කරුණක් වන්නේ, 2020 ජනවාරි මාසයේ දී ඉන්ධන ප්‍රවාහනයෙන් සියයට විස්සක ප්‍රමාණයක් පමණක් දුම්රියෙන් සිදු කර ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව දුම්රිය බලධාරීන් පෙන්වා දී තිබුණේ ඉන්ධන ප්‍රවාහන දුම්රිය පද්ධතිය හරහා සිදුවන්නේ නම් ඉන් ලබන ආදායම දුම්රිය සේවය ආර්ථිකව ලබන වාර්ෂික පාඩුව සැලකිය යුතු ලෙස අඩු කරගත හැකි බවය.

 

Exit mobile version