ව්‍යාධි ජනක හේතුවෙන් ප්‍රතික්ෂේප කරන ලද චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගය වෙනුවෙන් ගෙවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලත් ඒ වෙනුවෙන් ලබා ගන්නා පොහොරත් දෙකම අහිමි වී යාමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළ අමාත්‍යවරයා චීනයේ සී වින් බයෝටෙක් සමාගමෙන් අදාළ පොහොර සඳහා ගෙවූ ඩොලර් මිලියන 6.9 හෝ ඒ වෙනුවට රසායනික පොහාර එවන ලෙසට කළ ඉල්ලීම එම සමාගම් බලධාරින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් මුලින් ඇණවුම් කළ පරිදි කාබනික පොහාර ම ගෙන්විය යුතු බවට එම සමාගම පවසන බවත් අනාවරණය කළ අමාත්‍යවරයා පවසන්නේ කෘෂිකර්ම අමාත්‍යංශ අතිරේක ලේකම්වරයකු ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් චීන රජය සහ අදාළ සමාගම සමඟ දිගින් දිගටම සාකච්ඡා කළද මෙතෙක් සුබවාදී ප්‍රතිචාරයක් එම සමාගම් වෙතින් ලැබි නොමැති බවයි.
මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේ චීන පොහොර සමාගම මේ වෙනුවට කාබනික පොහොර එවීම සම්බන්ධයෙන්ද කොන්දේසි පනවා ඇති බවයි. ශ්‍රි ලංකාවේ ජාතික පැළෑටි නිරෝධායන සේවය විසින් කාබනික පොහොර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන නිර්ණායකවලට අනුව තම සමාගමට පොහොර සපයා දීම කළ නොහැකි බවද දැම් දී ඇති බවය.
මේ තත්ත්වය තුළ දැඩි විදේශ විනිමය අර්බුදයක ගිලී සිටින ශ්‍රි ලංකාවට අසීරුතා මැද චීන සමාගමට ගෙවූ ඩොලර් මිලියන 7කට ආසන්න මුදලත් පොහොරත් දෙකම නැති වී යාමේ අවදානමකට ලක්ව ඇත.