දීර්ඝ සති අන්තයේ රෝන්දේ ගිය අයට කොවිඩ් ආසාදනය වුනොත් නීතිය අකුරටම!

කොවිඩ් ආසාදිත වූවන්  සොයාගෙන යෑමේදී සති අන්ත නිවාඩු දිනයන් තුළ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විනෝද චාරිකාවන්ගේ යෙදී සීටින පුද්ගයින්   හමු වුවහොත් එවැනි පුද්ගලයින්ට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට නිරෝධායන නීති උල්ලංඝණය කරමින්  සති අන්තයේ විනෝද චාරිකාවන්හි යෙදී   සිටින පිරිස් පිළිබඳ   තොරතුරු ලැබෙමින් පවතින බවත්   හෝටල් කාමර සියල්ල පිරී ගොස් ඇති බවත් වාර්තාවන අයුරු සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි. 

සෞඛ්‍ය උපදෙස් නොපිලිපදිමින්  කටයුතු කරන මේ පිරිස් සමග සිටින කුඩා දරුවන්පවා නිසි පරිදි මුව ආවරණය නොපැළද සංචාරය කරන බව වාර්තාවන අයුරු ඔහු පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනිසුන්ගේ මේ නොමනා හැසිරීම තවත් කොවිඩ් රැල්ලකට පාර කැපීමක් යැයිද ඔහු කියයි.

Exit mobile version