දිස්ත්‍රික්ක 10කට අලුත් විශ්ව විද්‍යාල 10ක්

දැනට විශ්ව විද්‍යාල පිහිටුවා නොමැති කළුතර, ගාල්ල, හම්බන්තොට, පොලොන්නරුව, අනුරාධපුර, මාතලේ මන්නාරම, පුත්තලම, මුලතිව් සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 10 තුළ ජාතික අධි තාක්ෂණික විශ්ව විද්‍යාල 10ක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට ඊයේ (15) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව ජනමාධ්‍ය උසස් අධ්‍යාපන නවෝත්පාදන කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මෙම විශ්ව විද්‍යාලවල ලබන වසර තුළ දී අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමට අදාළ වැඩ කටයුතු සලසන බවත් මේ වනවිට විශ්ව විද්‍යාල පහක් සඳහා ශක්‍යතා අධ්‍යයන සකස් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.


මෙම විශ්ව විද්‍යාලය මඟින් තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය ජෛව තාක්ෂණය සහ එම විශ්ව විද්‍යාල පිහින පළාත්වල විද්‍යාත්මක පසුබිම ට අදාල සම්පත් සම්බන්ධයෙන් අධ්‍යයයනය කෙරෙන විෂය පථයක් ඇතුළු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය ආචාර්ය ගුණවර්ධන සදහන් කළේය.

මෙම විශ්ව විද්‍යාල දහය සමඟ මෙරට ජාතික විශ්ව වි්‍යාල ප්‍රමාණය 25ක් දක්වා ඉහළ යන බවද ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම විශ්ව විදයාල 10ට අමතරව ශ්‍රි ලංකා ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ඉදිකිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවටද ඊයේ අනුමැතිය ලැබුණු බව ඔහු එහිදී අනාවරණය කළේය.

Exit mobile version