දිවුලපිටිය ඤාණාවාස විද්‍යාලයේ දරු දැරියන් 31ක් නිරෝධායනයට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවගේ, ආසාදිත දියණිය ඇසුරු කළ ඇයගේ පාසල වන දිවුලපිටිය ඤාණාවාස විද්‍යාලයේ සිසුන් ද මේවනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගෙන් 31 දෙනෙක් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.
එම සිසු සිසුවියන් පී.සී.ආර් පරීක්ෂණකයට යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර තිබේ.
මෙම කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය සම්බන්ධව නිශ්චිත තොරතුරක් තවමත් සොයා ගත නොහැකි වීම නිසා මේ වනවිට අදාල මෙහෙයුම් කටයුතු සංකීර්ණ වී ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් අධික අවදානමක් පවතින බවත් වෛරසය වැළඳුණු මූලය නිවැරදිව සොයාගන්නා තෙක් නිරෝධායන ඇඳිරි නීතිය නිසි ලෙස පිළිපදින සේ සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

Exit mobile version