දිවුලපිටියේ කොවිඩ් මරණයක්…

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

දිවුපිටිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයට අයත් නැගෙනහිර කළුවාරිප්පුවේ පදිංචිව සිටි  කොවිඩ් ආසාදිත 30 හැවිරිදි පුද්ගලයෙක් අද 13) උදෑසන හෝමාගම රෝහලේ දී මරණයට පත් වූයේය.

අද සවස සිදුවන ආදාහන කටයුතු වලට අවශ්‍ය පෙට්ටියක් ලබා දීමට ඔහුගේ පියා සහ සහෝදරයා මේ වනවිට හෝමාගම රෝහල වෙත ගොස් තිබේ. කොවිඩ් නිරෝධායන නීති ප්‍රකාරව අද එම දේහය සම්බන්ධ ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතය.

මිය ගොස් ඇත්තේ අවිවාහක තරුණයෙකි. ඔහු වකුගඩු රෝගයකින් පෙළමින් සිට ඇත.   ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ  ඔහුව හෝ ඔහුගේ පවුලේ අය කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන තිබුණේ නැත. මේ තැනැත්තා රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත්, එහිදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් පසු කොවිඩ් ආසාදිත බව තහවුරු වී හෝමාගම රෝහලට පිටත් කර යැවූ බවත් වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුද්ගලයා අද උදෑසන කොවිඩ් රෝග ලක්ෂණ උත්සන්න වීමෙන් මිය ගිය බව රෝහල් ආරංචි මාර්ගත්, ප්‍රාදේශීය සෞඛ්‍ය අංශත් තහවුරු කළේය.

Exit mobile version