දිවයිනේ ප්‍රදේශ ගණනකට අකුණු සහිත වැසි…

තුෂාරී කළුබෝවිල –

දිවයිනේ බොහෝ ප්‍රදේශවට දැඩි අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

බස්නාහිර, සබරගමුව, වයඹ , දකුණ යන පළාත්වල මෙන් ම මහනුවර, නුවරඑළිය, බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට මෙසේ අකුණු අනතුරු සමඟ මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ද ඇති වේ.

ඇතැම් ප්‍රදේශවල ට වැසි සමඟ තද සුළං ද ඇති වනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ හෙයින් අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා කටයුතු කරන ලෙස කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරයි.

Exit mobile version