දිවයිනේ ප්‍රදේශ රැසකට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි…

Rain

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ   තද වැසි ද ඇතිවිය හැකි බවත්,  වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ  දින කිහිපයකට පෙර කළු ගඟ ද්‍රෝණියේ කුඩාගඟ ද්‍රෝණියේ ඉහළ කොටසට ඇද හැලුණු සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවය.

Exit mobile version