දිල්ලියේ කතකට ලිංගික අඩන්තේට්ටම් කළ ශ්‍රී ලන්කන් කළමනාකරුට වැඩ වරදී

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු කලාප කළමනාකරුවකු, තමා යටතේ සේවය කළ සේවිකාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීමක් සම්බන්ධයෙන් නවදිල්ලියේ මෙට්‍රොපොලිටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරදකරු කර තිබේ.

එසේ වරදකරු වී ඇත්තේ ලලිත් ද සිල්වා මහතාට ය. ඔහු ඉන්දියාවේ නවදිල්ලියේ සේවය කරන සමයේදී ඉන්දියානු ජාතික සේවිකාවකට ලිංගික අඩන්තේට්ටම් කළ බවට ලද පැමිණිල්ලකට අධිකරණය මෙම තීන්දුව දී ඇත.

2009 දී සිදු වූ මෙම සිද්ධිය 2014 දී ප්‍රථම වරට උසාවියේදී විභාගයට ගැනුණි.


එය වසර 6 ක් පුරා විභාගයට ගැණුනු අතර ඊයේ (16) තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ විනිසුරු එස්.එච්. දේව් සරෝහා විසින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ වීඩියෝ සම්මන්ත්‍රණ මගිනි. ඒ පවතින වසංගත තත්ත්වය හමුවේ ගුවන් ගමන් අත්හිටුවා තිබෙන බැවිනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින ලලිත් ද සිල්වා ද ඉන්දීය අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී online ක්‍රමය ඔස්සේ වෙබ්-එක්ස් ඇමතුමට සම්බන්ධ වෙමින් තමන් වරදකරු බවට වන ප්‍රකාශය සවන් දී සිටියේ ය.

මෙම වරදකරුට අදාල දඬුවම් නියම කිරීම 2020 නොවැම්බර් 17 දින තීරණය කිරීමට නියමිතය.

ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය 509 උල්ලංඝනය කිරීම සහ ඒත්තු ගැන්වීම මගින් අර්ථ දැක්වෙන්නේ “ඕනෑම කාන්තාවකගේ නිහතමානිකමට අපහාස කිරීමට අදහස් කරන, ඕනෑම වචනයක් උච්චාරණය කරන, ඕනෑම ශබ්දයක් හෝ අභිනයක් හෝ කිසියම් වස්තුවක් ප්‍රදර්ශනය කරන, එවැනි වචනයක් හෝ ශබ්දයක් ඇසීමට අදහස් කරන, හෝ එවැනි ඉරියව්වක් හෝ වස්තුවක් එවැනි කාන්තාවක් විසින් දැකිය යුතුය, නැතහොත් එම කාන්තාවගේ පෞද්ගලිකත්වයට අනවසරයෙන් හානි කළහොත්, වසර තුනක් දක්වා දීර්ඝ කළ හැකි කාල සීමාවක් සඳහා සරල සිර ද දඬුවමක් සහ දඩයක් නියම කරනු ලබන බව අධිකරණය ප්‍රකාශයට පත් කර තිබේ.

පැමිණිලිකරු ප්‍රකාශ කළ පරිදි අධිකරණ වාර්තාවලට අනුව, 2009 ඔක්තෝබර් 8 වන දින කලාපීය කළමණාකරු ලලිත් ද සිල්වා සිය ඉන්දීය ජාතික කාන්තා සේවිකාව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දිල්ලි කාර්යාලයේ පිහිටි සිය කාමරයට කැඳවා ඇයට ලිංගික අඩන්තේට්ටම් කර ඇත.

ලලිත් ද සිල්වාගේ හිරිහැරයට ලක්වූ සේවිකාවට තවදුරටත් දඬුවම් දෙමින් කොචි හි ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්යාලයට මාරු කර ඇත. එහෙත් ඒ වනවිටත් ඇය වසර දොළහක් ගුවන් සේවයේ සේවිකාවක් ලෙස යහපත් සේවා වාර්තාවක් තබා ගැනීමෙන් පසුවය.

ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ඉන්දියාවේ පරිදි, රැකියා ස්ථානයේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනය යටතේ අභ්‍යන්තර පැමිණිලි කමිටුව (අයිසීසී) ස්ථාපනය කර නොමැති වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව ද ද්විතීයික නඩුවක් මීට සමගාමීව ක්‍රියාත්මක වේ. එම නඩුව මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වින්දිතයාගේ නීතිඥයා වන අජේ වර්මා පැවසුවේ වින්දිතයා දිගු කලක් තිස්සේ ඇගේ ගෞරවය සඳහා වූ සටනෙහි නියැලී සිටින බවයි. ගුවන් සේවය ඇයට සහාය නොදක්වන අතර එය වසන් කිරීමට උත්සාහ කළ බව ඔහු පෙන්වා දෙයි. වින්දිතයාට ගුවන් සමාගමේ සහාය ලබා දීම වෙනුවට සේවයෙන් ඉවත් කර ඇත. වෙනම අපරාධ නඩු විභාගයකදී ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියානු නීතියට අනුකූල නොවීම සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දී සිටී. එම නඩුව දැනට ක්‍රියාත්මක බවත් ඔහු අවධාරණය කර ඇත.

Exit mobile version