දිරා ගිය අවි ආයුධ සහ උණ්ඩ තොගයක් අක්මීමන ගෙවත්තකින් හමුවේ…

ලලිත් චාමින්ද –

අක්මීමන හියාරේ අමල්ගම ප්‍රදේශයේ ඉඩමක වැසිකිළි වලක් හාරමින් සිටියදී දිරා ගොස් තිබු ටි 56 උන්ඩ 35,එම් 16 උන්ඩ 08,එම්.පි.එම්.ජිි උණ්ඩ 06,9 මිලිමිටර් වර්ගයේ උණ්ඩ හයක් ඇතුළු ආයුධ තොගයක් හමු වී ඇති බැව් අක්මීමන පොලිසිය පවසයි .

මෙහි තිබී අවියක දිරාගිය කොටස් 03ක්. අත්විලංගු ජෝඩු 01ක්.කවර 01ක්T 56 මැගසින් 01,ක්ලිනින්රොඩ් එකක් ද හමුවී ඇති බව පොලිසිය පවසයි .

මෙකී ඉඩමේ හිමිකරු විදේශගත වී ඇති අතර ඔහු මෙම ඉඩමේ දෙමහල් නිවසක් ඉදි කොට ඇත . එම නිවස සඳහා නාන කාමරයකට අවශ්‍ය වැසිකිළි වලක් හාරමින් සිටියදී පාර්සලයක් හමුවී ඇත .

වැසිකිලි වල හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනා විසින් මේ පිළිබඳ විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට දැනුම් දී ඇත. පාර්සලයේ තිබූ දිරාගිය මෙකී අවි ආයුධ විශේෂ කාර්ය බලකාය විසින් අක්මීමන පොලිසියට බාර දී ඇත .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙකී අවි ආයුධ මීට වසර ගණනාවකට පෙර මෙකී ඉඩමේ වල දමා තිබෙන්නට ඇති බව පොලිසිය විසින් සිදු කරනු ලැබූ විමර්ශනයේදී අනාවරණය වී ඇත.මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි කටයුතු සිදු කරන බැව් අක්මීමන පොලිසිය පවසයි .

Exit mobile version