දියේ ගිලෙන වන අලියෙක් බේරා ගන්න වනජීවිය මෙහෙයුමක…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාවේ කණ්නාඩිපෙරියකාඩු ප්‍රදේශයේ ඇලකට වැටී සිටින විශාල වන අලියෙකු බේරා ගැනීම සදහා වන ජීවී නිලධාරීන් 30 දා සවස සිට උත්සාහයක නිරත වෙමින් සිටිති.

මෙම වන අලියා කණ්නාඩිපෙරියකාඩු ප්‍රදේශයේ කැළයක සිට ආහාර සොයමින් ගමන් කරද්දී මෙම ඇලට වැටී ඇති අතර අධික වර්ෂාවත් සමග ඇලේ ජලය ගලාගෙන යන අතරවාරයේ වන අලියාද ජලයේ ගසාගෙන යාමට පටන් ගෙන තිබේ.

ඇලට වැටී සිටින වන අලියාද ඇලෙන් ගොඩ වීම සදහා වරින් වර උත්සාහයක් දරණ අතර ඇල ප්‍රදේශය ගණ කැළෑවකින් යුක්ත වීමත් අධික වර්ෂාවත් නිසා වන ජීවී නිලධාරීන්ට ඇලට වැටුණු වන අලියාව ගොඩ ගැනීම අසීරු වී තිබේ.

Exit mobile version